පළමු පියවර

වසර දහස් ගණනක් තිස්සේ ඔවුහු අපට කන්න බත සැපයුහ.. අද ඔවුන්ට ඇත්තේ මළබත වත් උයන්නට වේදෝ හෝයි සැකයකි..  වසර දහස් ගණනක් තිස්සේ ඔවුහු අපේ ශිෂ්ටාචාරය පෝෂණය කළහ.. අද ඔවුන් පෝෂණය වන්නේ සහනාධාර වලිනි.. වසර දහස් ගණනක් තිස්සේ ඔවුහු අපේ උරුමයට ස්මාරක තැනුහ.. හෙට ඔවුන්ගේ සුසානයන් සනිටුහන් කරන්නට ස්මාරක තනන්නට උරුමක්කාරයන්වත් නොසිටිනු ඇත..  

කට දන මිරිස් කරලක සැර විසින් ඔබේ නෙත් මොහොතකට තෙමාලනු ඇත… එහෙත් ඒ කඳුළු බිඳු හෙට උදෑසන වත්දී තුබුණු තැනක් හෝ සොයාගන්නට නොහෙන ලෙස වියළී තිබෙනු ඇත.. එහෙත් ඒ සෑම එක කඳුළකටම එක ගණනේ ඔවුහු සිය ජීවිත පූජා කර ඇත්තෝ ය.. මේ ප්‍රයත්නය ඒ වැටුණු කඳුළු පිසින්නට ය.. අලුත් කඳුළු නොවැටෙනු පිණිස ය.. 

අපේ මිනිසුන්ගේ කඳුළු පිසදමන්නට අපේම උන් හැර ඒරොප්පෙන් එන්නේ නැත.. අඳුරට සාප කිරීම පහසුය.. එහෙත් පහනක් දැල්වීම අපහසුය.. ඒ පළමු පියවර රසික නානායක්කාර විසින් තබන්නට යෙදුණු මොහොත, මෙතැනින් ඔබට නැරඹිය හැක… 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )