මාධ්‍ය සහය

මේ සත්කාර්යය පටන්ගත් අලුතම වගේ අප අපේක්ෂා නොකළ මට්ටමේ මාධ්‍ය සහයක් අපට සයිබර් මාධ්‍ය හරහා ලැබුණු බව සඳහන් කළ යුතුයි.. මේ එවැනි ලිපි කීපයකට සබැඳි..

ලක්බිම – “සැරසෙන්න අමුමිරිස් අභියෝගයට “
අයිස් බකට් අභියෝගය වෙනුවට අපේ රටට ගැලපෙන ආකාරයේ උපකාරාත්මක ක්‍රියාවක් සිදු කිරීමට මුහුණු පොතේ පිරිසක්උත්සාහ ගනිමින් සිටී.වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමඋදෙසා SLAmumirischallenge ලෙස ඔවුන් මෙය හ‍ඳුන්වා දෙයි. මෙහිදී අභියෝගය වන්නේ අභියෝගය භාරගනු ලබන තැනැත්තා විසින් අමුමිරිස් කරල් තුනක් කා දැමිය යුතු වීමය.

නෙත් FM – අයිස් බකට් අභියෝගය වෙනුවට ලංකාවෙන් අමු මිරිස් අභියෝගයක්

මීට සතියකට දෙකකට පමණ පෙර අන්තර්ජාලය පරිහරණය කරන සියලුම දෙනා දුටු දෙයක් තමයි ALS Ice Bucket challenge. එය විදේශීය රටවල ජනප්‍රිය පුද්ගලයන් විසින් සිදු කරනු ලැබුවා. එම අභියෝගය මගින් ALS අරමුදල පසුගිය ජුලි මස 29 වැනි දින සිට අගෝස්තු මස 27 වන දින දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 94.3ක මුදලක් එකතු කර ගැනීමට සමත්ව තිබෙනවා. එසේම මෙම අයිස් බකට් චැලෙන්ජ් එකට ශ්‍රී ලාංකීය කලා කරුවන්, දේශපාලනඥයින් ආදී විවිධ පිරිස් සහභාගි වුණා.

එහෙත් අපි මේ කියන්න යන්නේ අයිස් බකට් චැලෙන්ජ් එක ගැන නෙවෙයි.

අපේ රටට ගැලපෙන ආකාරයේ උපකාරාත්මක ක්‍රියාවක් සිදු කිරීමට මුහුණු පොතේ පිරිසක් උත්සාහ ගනිමින් සිටිනවා. ඔවුන් මෙය හ‍ඳුන්වා දෙන්නේ #SLAmumirischallenge ලෙසයි.

ගොසිප් ලංකා නිවුස් – අමු මිරිස් චැලේන්ජ් 2014

පහු ගිය කාලයේ නළු නිලියෝ ලොකු ලොකු අය ගායකයෝ අයිස් බකට් එකෙන් නාගෙන පිට රටට සල්ලි දුන්නනේ ඔන්න අපේ කම වෙනුවෙන් මුහුණු පොතේ යහළුවන් පිරිසක් හොද වැඩක් කරන්න පටන් අරන් අපේ කම අපේ දේ අගයන අපේ මින්සුන්ගේ අපේ දෙයකට උදව් කරන්න අපිත් හිතුවා ඒ වගේම ඔයාලගෙත් මේ වැඩේට අපිට උදව් ඕනි එක මේ වැඩේ කරන සහෝදරයින්ට ලොකු උදව්වක් වේවි හරි අපි කතා කරමු මොකක්ද මේ අපි කියන්න යන්නේ කියලා. එය හැදින්වෙන්නේ අමු මිරිස් චැලේන්ජ් 2014 යනුවෙනි.

ලංකා සයිබර් නිව්ස් – අයිස් බකට් වෙනුවට ශ‍්‍රී ලංකාවෙන් ‘අමු මිරිස් චැලෙන්ජ්’

අන්තර්ජාලය ඔස්සේ ජනප‍්‍රිය ‘අයිස් බකට් අභියෝගය’ ට අභියෝගයක් එල්ල කරන්නට ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අලූත් අභියෝගයක් ආරම්භ කර තිබේ. අමුමිරිස් අභියෝගය ලෙස නම් කර ඇති මෙහිදී අභියෝග වන්නේ අමු මිරිස් කරල් තුනක් කා දැමීමයි.

Reader.lk – අමු මිරිස් චැලේන්ජ් 2014

අයිස් බකට් අභියෝගයට වෙනුවට ශ්‍රී ලංකාවෙන් නව අභියෝගයක් සකස් කර තිබෙනවා. ඒය හැදින්වෙන්නේ අමු මිරිස් චැලේන්ජ් 2014 යනුවෙනි. මෙය ලංකාවේ ප්‍රථමයෙන් ආරමභ කර ඇත්තේ රසික නානායක්කාර යන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදලක් එක්තු කිරීම මෙහි අරමුණ වනවා. මෙහි ඇති අභියෝගයනම් අමුමිරිස් කරල් 3ක කෑමයි. එමගින් අභියෝගය සම්පූර්ණ කර ගත හැකි අතර මෙහිදීත් තවත් තිදෙනකෙුට මෙම අභියෝගය භාරදිය හැකියි.

බස්සිගේ නවාතැන – අයිස් බාල්දියට ගොම දැමීම

ඇයි අපිට බැරි? අයිස් වතුර නාන්න නෙමෙයි. මේ වගේ විනෝදාත්මක සංකල්පයක් අපේම කරගන්න. අපේ රටේ අසරණ මිනිස්සුන්ට ආධාර කරන්න.

අපිට ඒක කරන්න බැරි නෑ. මුහුණු පොතේ දැනට ආරම්භ කරල තියෙනව මේ සංකල්පයේ ආභාෂය රැගත් සුපිරි වැඩක්.

ඒ තමයි “SL අමු මිරිස් චැලෙන්ජ්”.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )