අපි ගැන

10647078_10152596360928190_8737882117209567371_n

“අමු මිරිස් චැලේන්ජ්” එක කියන්නේ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන රජරට වකුගඩු රෝගීන් වෙනුවෙන් ආධාර පිණිස, අපේම බ්ලොග් සහෘදයන් සහ ෆේස්බුක් සහෘදයන් එක්ව පිහිටුවාගත් SLAID සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සමාජ සත්කාරයක්.. රජරට වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරු මහරෝහලට රුධිර පෙරහන්කාරක යන්ත්‍රයක් මිලදීගෙන පරිත්‍යාග කිරීමයි එහි අරමුණ..

ඔබ දන්නවද.. ලංකාවේ විශාලම භූමිභාගය අයත් වෙන උතුරුමැද පළාතේ දැනට පවුල් ලක්ෂ ගණනක් බොන්නට සුදුසු වතුර නැතුව දුක්විඳින බව.. ඔබ දන්නවද, කෘෂි රසායනික අනිසි ලෙස පාවිච්චියෙන්, ආපහු වසර ගණනකට වගා කරන්න බැරි ලෙස පුරන් වී ගිය කුඹුරු අක්කර සිය ගණනක් ඒ දෙපළාතේ ඇති බව.. ඔබ දන්නවද වයස 18ත් 40ත් අතර මිනිස්සුන්ගෙන් සීයට විසිපහකට වැඩි ප්‍රමාණයක් පානීය ජලය බීමට නුසුදුසු වීම නිසා රෝගීව පසුවන බව.. ඔබ දන්නවද මේ රෝග තත්ත්වයට ගොදුරුව ඇති බොහෝ පළාත්වල, පානයට සුදුසු ජලය ලබාගත හැකි ළිං තියෙන්නේ පවුල් විස්සකට එකක් හෝ ඊට අඩුවෙන් බව.. මුකුත් එපා ඔබ දන්නවද, වකුගඩු ආශ්‍රිත ඍජු හෝ වක්‍ර හේතුන් නිසා උතුරුමැද පළාතේ දිනකට මිනිසුන් සිවුදෙනෙක් අලුතෙන් රෝගී වන බව..

අපේ රටේ අපේ මිනිස්සුන්ට වසර සිය ගණනක් තිස්සේ කන්න බත සපයාදුන් රජරට පළාතේ දවසකට හතර දෙනෙක් ගානේ මැරෙන අපේ මිනිස්සුන්ව මතක නෑ.. නමුත් මූදු හතකින් එහා ඉන්න රටක මිනිස්සුන්ගේ, ලක්ෂ දෙකකින් එක අයෙකුට වැළඳෙන ස්නායු රෝග ගැන ඔබ දැනුවත්..

මේ තත්වය වෙනස් කරන්න ඔබ සූදානම් ද?

එන්න, අපි ඔවුන්ට තව දවසක් හෝ ජීවත්වන්නට ඉඩක් ලබා දෙමු..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )